Saturday, May 16, 2015

“ජවන ශක්ති” ධාවන තරගයට එකතු වූ ජනපති



හෙට වෙනුවෙන් රටක්” යන තේමාව යටතේ බලශක්ති සංරක්ෂණය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම හා ඒ පිළිබඳ ප්‍රායෝගික වැඩසටහන් රට පුරා ක්‍රියාවට නැංවීම මෙම වැඩසටහනේ අරමුණයි.

නිදහස් චත්‍රරස්‍රයට පැමිණි ජනාධිපතිවරයා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු නිලධාරීන්, හමුදා සාමාජිකයින් මෙන්ම තරුණ තරුණියන් “ජවන ශක්ති” යාත්‍රා ප්‍රදර්ශනාත්මක ධාවන තරඟයකට එක්වුණා.

මීට සමගාමීව කූපන්පත් සමගින් බැලුන් 5,000ක් ගුවනට මුදා හැරිණ.

එම කූපන්පත් හිමි කරගන්නා අයගේ නිවෙස්වලට අඩු විදුලි ධාරිතාවයෙන් යුත් විදුලි බුබුළු ලබාදීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

මීට අමතරව බලශක්තිය ඉතිරි කරන රියැදුරන්, නිවාස හා කර්මාන්ත පිළිබඳ සොයා බලා ඇගයීමක් සිදුකිරීමට ද නියමිත ය.

මේ අතර බුදු රජාණන්වහන්සේගේ ශ්‍රී සර්වඥ කේශ ධාතූන් වහන්සේ කෝට්ටේ සිරි පැරකුම්බා විහාරස්ථානයේ ප්‍රදර්ශන පීටිකාවේ තැන්පත් කිරීම සිදු කෙරුණේ ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

ධාතූන් වහන්සේ ප්‍රදර්ශන පීඨීකාවේ තැන්පත් කිරීමට පෙර පෙරහැරකින් ධාතූන් වහන්සේ පිරිවෙන් විහාර පරිශ්‍රයට වැඩම කරවනු ලැබිණි.

බංග්ලාදේශයේ චිතගොන් බෞද්ධ විහාරස්ථානයේ සිට ශ්‍රී ලංකා රජයේ ආරාධනය පරිදි වැඩම කරවන ලද, ශ්‍රී සර්වඥ කේශ ධාතූන් වහන්සේ අද සහ හෙට මෙහිදී වන්දනාමාන කර ගැනීමට සැඳැහැවතුන්ට ඉඩ සැලසේ.

කෝට්ටේ සිරි පැරකුම්බා පරිවේනාධිපති පූජ්‍ය තලගලවිමල මහා නාහිමියන් සහ විහාරාධිපති පූජ්‍ය මාදිවෙල චන්ද්‍රවිමල හිමියන් ඇතුළු මහා සංඝරත්නය මේ අවස්ථාවට වැඩම කර සිටියහ.

No comments:

Post a Comment